රංගන අකාරාදිය

අඳින්න

රංගනය අතර තුර මේසයේ බෙදාගන්නා කථාවන්ට අදාලව මේස රෙද්ද මත අඳින රූපමය ප්‍රකාශනයන්.
අපි

DramSoc සංවිධානයේ මෙම ව්‍යාපෘතියට අදාළ කෘ එක ( කේන්ද්‍රීය කණ්ඩායම )

ඇලජි

සන්විජ් එකට භාවිත කරන ද්‍රව්‍යවල ආසාත්මික තාවයන්ට හේතුවන භෞතිකයන්.

එලාම්

එක් රංගනයක් සඳහා නියමිත කාලය මැනගැනීමට භාවිත කළ උපකරණය.

කාබන් පෑන

රංගනය අතර තුර මේසයේ බෙදාගන්නා කථාවන්ට අදාලව මේස රෙද්ද මත රූපමය ප්‍රකාශනයන් අඳින්නට භාවිත කළ උපකරණය.
කෑම

මෙම රංගනය තුළ මූලිකම ප්‍රකාශන මාධ්‍ය.
කොලේජ් හවුස්

මෙම රංගනය සිදුකිරීමට භාවිත කළ ස්ථානය/භෞතික අවකාශය.

ගාර්බේජ්

ඉන්ග්‍රිඩියන්ස් හදන විට ඉවත ලන කාබනික සහ පොලිතින් ආදිය.

දොලහක්

එක් රංගනයකට සහබාගිවන සමස්ත පුද්ගල කණ්ඩායමේ සංඛ්‍යාත්මක අගය.

පර්ෆෝමන්ස්

අප විසින් සිදු කරන ලද “රංගනය”
පෝක්

ඉන්ග්‍රිඩියන්ස්වලදී භාවිත කළ එක මාංශමය ආහාරයක්.

මෂ්රුම්

ඉන්ග්‍රිඩියන්ස්වලදී භාවිත කළ එක ශාකමය ආහාරයක්.
මෙනූ

රංගනය සඳහා සහබාගීවන්නන් කළ යුතු දේවල් පිළිබඳ උපදෙස් ලබාදීමට භාවිත කළ පත්‍රිකාව.
මේසය

රංගනය සිදු කිරීමට භාවිත කළ (සැන්විච් හදමින් කතා හුවමාරු කරගැනීමට) ප්‍රමුක උපකරණයක්.

වෙජිටේරියන්

සැන්විච් එක හදන විට “ශාකමය ආහාරයන් පමණක්” යන්න හැඳින්වීමට භාවිතා කළ වචනයක්.

සප්‍රයිස්

රංගනය අවසානය සිදුවන විවිධ ආකාරයන් හේතුවෙන් එයට සහබාගී වූවන් පුදුමයට පත්වීම.
සැන්විච්

රංගනයේ අතිමූලික භෞතිකමය ප්‍රකාශනය.

හරාම්

ඉන්ග්‍රිඩියන්ස්වලදී භාවිත කළ මාංශමය ආහාරයන් යම් ආගමික අර්ථ පද්ධතියකට අනුකූල වීම හැඳින් වූ වචනය.
හලාල්

ඉන්ග්‍රිඩියන්ස්වලදී භාවිත කළ මාංශමය ආහාරයන් යම් ආගමික අර්ථ පද්ධතියකට අනුකූල නොවීම හැඳින් වූ වචනය.